Tuesday, February 25, 2025

General line - 0115112241

නාවලපිටියේ තේ කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වෙයි

රංජිත් රාජපක්ෂ



නාවලපිටිය, කුරුදුවත්ත, ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින අවස්ථාවේ පහළ මහලින් හටගත් ගින්න තුන්වන මහල දක්වාම පැතිර ගොස් තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගින්න හටගත් අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාව තුල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය කරමින් සිට ඇති අතර ගින්නෙන් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.

ගින්නෙන් එහි තිබූ නිමි තේ කොළ ද විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක්ව ගින්න පාලනය කිරිමට උත්සහ කර ඇති අතර එය ව්‍යාප්ත වීම හේතුවෙන් මහනුවර මහ නගර සභාවේ ගිනි නිවිමේ භට පිරිස් කැදවා ගින්න පාලනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.