අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් ඉන්දියාවට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය පවසනවා.
නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සූදානම් වන බැවින් හවුල් එක්සත් ජනපද-ඉන්දියා ප්‍රමුඛතා මත නව දිල්ලියේ නව රජය සම්බන්ධ කර ගැනීම සඳහා ඔහු එලෙස ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෝදිට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
එහිදී නායකයින් දෙපළ අතර පැවැති සංවාදයේදී ජේක් සුලිවාන්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් සුලිවාන් ඉන්දියාවට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් අමෙරිකානු මෙතෙක් තහවුරු කර නැහැ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තුන්වන ධූර කාලයේ වැඩ භාරගෙන දින කිහිපයක් ඇතුළත ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි පැවසෙන්නේ