චීනයේ කොමියුනිස්ට් පක්ෂය යුරෝපීය මැතිවරණවලට සහ ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කිරීමේ එහි ප්‍රයත්නයන් තුළ වඩාත් දියුණු හා ක්‍රියාකාරී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සම්බන්ධයෙන් නිකුත් වූ නවතම වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ සම්බන්ධයෙන් අනාවරණ කර තිබෙනවා.
යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරනයට දින කිහිපයකට පෙර එම වාර්තාව නිකුත් වීම විශේෂත්වයක්.
නිකුත් කරන ලද වාර්තාව, රුසියාව සමග බහුලව සම්බන්ධ වන උපක්‍රමයක් වන මැතිවරණ මැදිහත්වීම් සඳහා චීනයේ වැඩෙන මැදිහත්වීම ඉස්මතු කරන බවයි පැවසෙන්නේ.
යුරෝපීය මැතිවරණ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පාලනය කිරීම සඳහා චීනය දේශපාලන බලපෑම්, තොරතුරු හැසිරවීම, අල්ලස් සහ ඔත්තු බැලීම ඇතුළු විවිධ ක්‍රම භාවිතා කරන බව ද එම පර්යේෂකයන් සොයා ගෙන ඇතැයි සඳහන්.
යුරෝපය පුරා මිලියන 400 කට ආසන්න ඡන්දදායකයින් ඉදිරි වසර පහ සඳහා නීති සම්පාදකයින් තෝරා පත් කර ගැනීම සඳහා ජූනි 6 සිට 9 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන විට යුරෝපීය මැතිවරණවලට බලපෑම් කිරීමට චීනයේ උත්සාහයන් වාර්තා වෙමින් තිබීම විශේෂත්වයක්