ඊසානදිග චීනයේ ජිලින් නගරයේ පොදු උද්‍යානයකදී අමෙරිකානු විද්‍යාලයක අමෙරිකානු ජාතික උපදේශකයින් සිව් දෙනෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නගරයේ ලෝන්ග්ටන් දිස්ත්‍රික්කයේ වෙසෙන 55 හැවිරිදි වියේ පසුවන සැකකරු කුයි නමැත්තෙකු බව හඳුනාගෙන ඇතැයි බලධාරීන් පවසයි.
නගර මධ්‍යයේ පිහිටි බෙයිෂාන් උද්‍යානයේ ඇවිදිමින් සිටියදී සැකකරු විදේශිකයෙකු සමඟ ගැටී තිබේ.
අනතුරුව ඔහුව නැවැත්වීමට උත්සාහ කළ අමෙරිකානු උපදේශකවරුන්ට සහ තවත් චීන ජාතිකයෙකුට සැකකරු පිහියෙන් ඇන ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ චීනයේ පිහි ඇනුම් සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි.
තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ