ආනයනික චීන විද්‍යුත් වාහන සඳහා ජූලි මාසයේ සිට සියයට 38 දක්වා වැඩි තීරු බදු පැනවීමට යුරෝපීය කොමිසම සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
යුරෝපා සංගමයේ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස දෙපාර්ශවය අතර පවතින වෙළඳ ආරවුල උත්සන්න කරමින් යුරෝපා කොමිසම මෙම පියවර ගෙන ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
යුරෝපා කොමිසමේ මෙම ක්‍රියාකලාපය චීනය විසින් හඳුන්වා දී ඇත්තේ "ආරක්ෂකවාදී" ලෙසයි.
අමෙරිකාව චීන විදුලි වාහන සඳහා තීරුබදු සියයට 100 දක්වා හතර ගුණයකින් වැඩි කිරීමෙන් මාසයකටත් අඩු කාලයකට පසුව යුරෝපා කොමිසම ද මෙලෙස චීන විදුලි මෝටර් රථ සඳහා තීරු බදු යෝජනා කිරීම විශේෂත්වයක්.
කෙසේවෙතත් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අනතුරු අගවා තිබෙනවා.
ඔහු පැවසුවේ මෙම පියවර මගින් මෝටර් රථ සැපයුම් දාම කඩාකප්පල් වන බව සහ අවසානයේ යුරෝපයේ අවශ්‍යතාවලට හානියක් වනු ඇති බවයි.
යුරෝපා කොමිසම ආර්ථික ගැටළු ආයුධකරණය කර ඇති බවයි චීනයේ වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ