Thursday, March 13, 2025

General line - 0115112241

මෝදිගේ පළමු විදෙස් සංචාරය ඇරඹේ

චිරාන් ධර්මසේන



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තුන්වන පදවි ප්‍රාප්තියෙන් පසුව සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය අද ආරම්භ කෙරුණා.

ඒ ඉතාලියටයි.

ඉතාලියේ පැවැත්වෙන මෙවර ජී 7 සමුළුව ඊයේ ආරම්භ වූ අතර එය හෙට දක්වා පැවැත්වෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට සහභාගි වන්නේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ විශේෂ ආරාධනයක් අනුවයි.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද ජී7 සමුළුව ඇමතීමටයි නියමිතව ඇත්තේ.

ඉන් අනතුරුව ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ඇතුළු රාජ්‍ය නයකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවීය සාකච්ඡා සඳහා එක්වන බව ද වාර්තා වනවා