ඉන්දියාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ආරාධනා කර තිබෙනවා.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය අතරතුර පාප් වහන්සේ මුණ ගැසුනු අවස්ථාවේදීයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේව සිප වැළඳ ගන්නා අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එහිදී මෝදි පාප් වහන්සේට පවසා ඇත්තේ
මිනිසුන්ට සේවය කිරීමට සහ පෘථිවිය යහපත් කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කැපවීම අගය කරන බවයි.
මේ අතර ඉතාලියේ පැවැති ජී7 සමුළුවට සහභාගි වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව රාජ්‍ය නායකයින් රැසක් හමුවී තිබුණා.
එම රාජ්‍ය නායකයින් අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි, ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් ද වනවා.
එමෙන්ම ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් උද්ගත වී ඇති අවස්ථාවක පවා දෙරටේ රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජී 7 සමුළුවට සමගාමීව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි