Thursday, February 27, 2025

General line - 0115112241

වාහන ආනයන වැඩපිළිවෙළ සකසන්න කමිටුවක්

නිහාල්සිරි ගම්ලත්



ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිලිබඳව වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නිශ්චිත වැඩපිළිවෙළක් අනුව තුන්වන කාර්තුවේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි.

වාහන ආනයන සීමා ලිහිල් කරන ආකාරය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී අදහස් පළ කළා.