මක්කම වන්දනාවේ යෙදුනු පුද්ගලයන් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ සෞදි අරාබි රාජ්‍යයේ මේ වන විට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවයි.
ඒ අනුව එරට උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 48ක් ලෙසයි.
මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන් බවයි වාර්තා වන්නේ.
සෞදි සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ මිලියන 1යි දශම 8කට අධික පිරිසක් මක්කම වන්දනාව සඳහා සහභාගී වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් ජෝර්දානයට ගෙන්වා ගැනීම සඳහා සෞදි බලධාරීන් සමඟ සාකච්ජා කරන බවයි.