Thursday, February 27, 2025

General line - 0115112241

රට බංකොලොත් භාවයෙන් මුදා ගන්න ගොවි ජනතාව දුන් සහය ජනපති සිහිකරයි



“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ තවත් පිරිසකට අද ඔප්පු ප්‍රදානය සිදු කෙරුණා.

ඒ, ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

එහිදී සුදුසුකම්ලත් මහවැලි කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත අද දිනයේ සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඉතිරි පිරිසට ද කඩිනමින් “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බවයි එහිදී අදහස් පළකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.


රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට ගොවි ජනතාව ද දායකත්වය දැක්වූ බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා. 


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී අදහස් පළකළා.