Thursday, February 27, 2025

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන් අඩියක් පසුපසට ගනී



ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ගෙන තිබූ තීරණය තාවකාලික අත්හිටුවා තිබෙනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම සමග සාකච්ඡා කිරීමට ලබන 20 වනදා අවස්ථාව සලසා දෙන බවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා ලබා දුන් පොරොන්දුවක් අනුව එම තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මීට පෙර පොරොන්දු වූ පරිදි සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම අද දිනයේ සාකච්ඡාවට නොගැනීම හේතුවෙන් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණා.