මැදගම, දිඹුල්දෙන ප්‍රදේශයේ සිදුකල හදිසි වැටලීමකදී ගිනිඅවි 06ක් සහ හමුදා ඇදුම්වලට සමාන ඇදුම් කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර සහ කොටබෝව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් කුමන අරමුණක් මත මෙම ගිනිඅවි සහ ඇදුම් කට්ටල සන්තකයේ තබාගෙන සිටියේ දැයි සොයා මැදගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.