Thursday, March 13, 2025

General line - 0115112241

බංග්ලාදේශ අගමැතිනියට ඉන්දියාවේදී ඉහළ පිලිගැනීමක්

චිරාන් ධර්මසේන



රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා වෙනුවෙන් ඉන්දියාවේදී රාජ්‍ය පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණි.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හිදීයි.

එහිදී හමුදා ආචාර සහිතව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රාෂ්ට්‍රපති භවන් පරිශ්‍රයේදී දෙරටේ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් හමුවිය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, මධ්‍යම අමාත්‍ය ජේපී නඩ්ඩා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජිතේන්ද්‍ර සිං සහ කිර්ති වර්ධන සිං ද බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සඳහා රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණ තිබේ.

මෙම සංචාරය ඉන්දීය-බංග්ලාදේශ සබඳතාවලට ශක්තියක් ලබා දෙනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවසීය