Friday, February 28, 2025

General line - 0115112241

ගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

රංජිත් රාජපක්ෂ



උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් තවදුරටත් එම දුම්රිය මාර්ගය අවහිර වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇති බවත් දුම්රිය මාර්ගයට වැටී ඇති ගස කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

මෙම තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේදී ප්‍රමාදයන් සිදු විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.