Friday, February 28, 2025

General line - 0115112241

සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරු ඇත්තටම ආණ්ඩුවට යනවද ?



සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජය සමග එක් වීමට කටයුතු කරමින් සිටින බවට පැතිර යමින් පවතින පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් කණ්ඩායම් මෙවැනි අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇතැම් මන්ත්‍රීවරු පක්ෂය විවේචනය කරමින් සිටින බවත් පොදුජන පෙරමුණේ සහයෝගය නොමැතිව කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසනවා. 

ජනාධිපතිවරයා නිල වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි ප්‍රකාශ නොකළත් එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරණය සඳහා මේ වන විට සූදානමින් සිටින බවයි එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ.  

ජාතික ජනබලවේගයට රටේ ආර්ථිකය ගොඩගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් මහජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.