Friday, February 28, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් එකඟතාවයකට



අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවසන් එකඟතාවයකට පිවිස ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බවයි.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍යකරණය සුරක්ෂිත කිරීමට ඉඩ සලසමින් සැලකිය යුතු ණය සහනයක් ලබා දෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.