ගතවූ දින කිහිපයේදී ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මරණ 05ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
හබරාදුව ප්‍රදේශයේදී උනවටුන වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික පුද්ගලයෙකු දිය පහරට හසු වී ගසාගෙන යාමේදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා.
අදාළ විදෙස් ජාතික පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේදී තවත් කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පූජාපිටිය ප්‍රදේශයේදී ද දිය නෑමට ගිය වයස අවුරුදු 35ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේදීයි.
එමෙන්ම පැල්මඩුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.