Friday, February 28, 2025

General line - 0115112241

මසක් තුළ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩි වීමක්



මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ සුදත් සමරවීර පැවසුවේ එම තත්ත්වය ඉදිරියේදීද තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ පැවසුවේ පැවති මෝසම් වර්ෂාව හේතුවෙන් මෙලෙස ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ යාමට හේතු වී ඇති බවයි. 

2023 වර්ෂයේ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000කට ආසන්නයි. එය මෙරට ඉතිහාසයේ වසරකදී වාර්තා වූ තුන් වෙනි වැඩිම රෝගී සංඛ්‍යාවයි.