ශ්‍රී ලංකාව වටා මුහුදේ කාලගුණික තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, තද සුළං සහ මුහුද රළු විය හැකි බවට අනතුරු අඟවමින්.
මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහායි.
මුහුදේ කාලගුණික තත්ත්වය පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දුන්නේ.