Saturday, March 1, 2025

General line - 0115112241

වර්ජනයෙන් පසු ගුරුවරුන් අද යළි සේවයට - ජනපතිගේ ප්‍රකාශයටත් ප්‍රතිචාර



රජයේ සියලුම පාසල් අද දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද දිනයේ සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කරන බවයි වර්ජයේ නිරත වූ ගුරු සංගම්ද ප්‍රකාශ කළේ. 

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අවධාරණය කළා.

ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

කෙසේවෙතත් එම ප්‍රකාශය වෘත්තීය සමිති මර්ධනය කිරීමේ ප්‍රකාශයක් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ.