Monday, March 31, 2025

General line - 0115112241

නීති විරෝධීව දිවයිනට රැගෙන ආ දුම්වැටි සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට



නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් දෙදෙනා අතර ඩුබායිහි හෝටලයක සේවිකාවක් ලෙස සේවය කරන තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වනවා.

අනෙක් සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස් එක් ලක්ෂ හැට දහසක් පමණ වනවා.