සමගි ජන බලවේගයෙන් සහය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දෙවන වරටත් දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගියදා පැවති සාකච්ඡාවකදී එම පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා.
එවන් පසුබිමක් තුළ පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පක්ෂය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
පොදුජන පෙරමුණෙන් ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.
මේ අතර ජනතාව අතරට පැමිණීමට සිය පක්ෂයට කිසිදු බියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව සහ දූෂණය අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියා.
ජනතාව වෙනුවෙන් සිය පක්ෂය නිවැරදි තීන්දු ගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.