පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා හි ඉකුත් සතියේ පැය කිහිපයක් ඇතුළත සිදු වූ ඛේදජනක සිදුවීම් හයකින් යුත් ඛේදජනක සිදුවීම් මාලාවකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පකිස්තාන මාධ්‍ය පැවසුවේ මෙම සිදුවීම් හේතුවෙන් අවම වශයෙන් ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බඩාබර් හි තදාසන්න ප්‍රදේශයේ සිදු වූ එක් සිදුවීමක් මුදල් හා දේපළ සම්බන්ධයෙන් ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධ සිදුවීමක්.
දේපල ප්‍රශ්නය මත පවුලේ ඥාතීන් නිවසට ඇතුළු වී දරුවන් පස් දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුකාර ෆයිසාල් කරීම් කුන්ඩි සහ මහ ඇමැති අලි අමීන් ගන්දාපූර් විපතට පත් පවුලට ශෝකය ප්‍රකාශ කළ අතර වගකිවයුත්තන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇතැයි සඳහන්.
බඩාබර් හි තවත් සිදුවීමකදී, ඉඩම් ආරවුලක් දුරදිග ගොස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.
කයිබර් පක්තුන්ක්වා හි වාර්තා වූ වෙනම සිදුවීමක දී, පුෂ්ටාකර නගරයේ ප්‍රදේශයේ රින්ග් පාරේදී මියගිය පුද්ගලයාගේ වාහනයට ප්‍රහාරයක් එල්ල වීමෙන් පැරණි සතුරුකමක් ජීවිත දෙකක් බිලිගෙන තිබේ.
මේ අතර ජල ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් වෙඩි තැබීමක් දක්වා වර්ධනය වී, එහි ප්‍රතිඵලයක් ලෙස නගරයේ තදාසන්න ප්‍රදේශයක් වන ෂීක් මුහම්මඩිහිදී තවත් අයෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තවත් දෙපාර්ශවයක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් ඉකුත් සතියේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.