විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පෙර ඒ සඳහා විපක්ෂයට සැලකිය යුතු කාලයක් අත්‍යවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
එම ගිවිසුම් යෝජනාව කඩිනමින් ආණ්ඩු පාර්ශවය විසින් සම්මත කිරීමට උත්සාහ කිරීම තුළින් ඒ පිළිබඳ තමන්ට සැකයක් මතුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය නම් සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එය විනිවිද භාවයෙන් සිදුකල යුතු කාරණාවක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කෝට්ටේ ප්‍රදේශයේ මැතිවරණ වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කිරීමේදී ඒවා කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.