Monday, April 21, 2025

General line - 0115112241

වේවැල්දෙණීයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි - මගීන් 15කට තුවාල



කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් වතුපිටිවෙල සහ වරකාපොළ රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ රථවාහන තදබදයක් පවතින බව ද පොලිසිය පැවසුවා.