Saturday, March 1, 2025

General line - 0115112241

තලවකැලේ නුවරඑලිය මාර්ගය ඇතුළු මාර්ග රැසක පෞද්ගලික බස් රථ වර්ජනයක්

හැටන් රංජිත් රාජපක්ෂ          



තලවකැලේ ලිදුල ප්‍රදේශයේ ගාල් කර තිබු පෞද්ගලික බස් රථ දෙකක ඉදිරිපස විදුරුවලට ගල් වලින් පහර දි අලාභ හානි සිදු කිරිමට විරෝධය පාමින් තලවකැලේ කිරිමැටිය හරහා නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන් අද දින සිට බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම මාර්ගයේ ධාවනය කරන බස් රථ දෙකක් දිනපතා රාත්‍රි කාලයේ ගාල් කර තබන ස්ථානයේම ගාල් කර තිබු බවත්, එම බස් රථ දෙකට කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ගල් වලින් පහර දි අලාභ හානි සිදු කර ඇති බවට එම බස් රථ දෙකේ අයිතිකරුවන් විසින් ලිදුල පොලිසියට පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

වර්ජනයේ නිරතව සිටින තලවකැලේ කිරිමැටිය හරහා නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් 

ඔවුන් පවසා සිටින්නේ හැටන් සිට රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා ධාවනය කරන සුපෝගභෝගි පෞද්ගලික බස් රථ වල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් (30) දිනයේදි නුවරඑලියේදි ගැටළුවක් මතු වු බවත්, එම ගැටළුව පසුව උණුසුම්කාරි තත්ත්වයක් කරා වර්ධනය වු බවයි.

නුවරඑලිය කිරිමැටිය හරහා දිනපතා පෞද්ගලික බස් රථ 15 ක් පමණ ධාවනය කරන බවත්, එම බස් රථ සියල්ලම (30) දින වර්ජනයට එක් වි සිටින බවත්, මෙම පහර දිම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බවයි වර්ජනයේ නියැලි සිටි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියා සිටියේ.

තවද ඔවුන් පවසා ඇත්තේ මෙම බස් රථ දෙකට පහර දි අලාභ හානි සිදු කිරිමට හැටන් රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්බන්ධයක් ඇති බවයි.

ලිදුල පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ බස් රථ දෙකට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.