බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 05යි දශම 0යි 7කින් අඩුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා.
එහි සභාපති ශෂි වෙල්ගම අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවයි.
බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා නිර්ණායක 12ක් සැලකිල්ලට ගත් බවයි ඔහු කියා සිටියේ.
කෙසේවෙතත් ලංකා සුදු ඩීසල් මිල අඩුකලහොත් බස් ගාස්තු තවදුරටත් අඩුකල හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුනා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් අඩුකල අතර එහි නව මිල රුපියල් 344ක් වනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41කින් පහළ දැමුනා.
එහි නව මිල රුපියල් 379ක්. සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 355ක් වනවා.
ඒ, රුපියල් 377ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු කිරීම හේතුවෙන්.
එහෙත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදුකර නැහැ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් තවදුරටත් අලෙවි වනවා.
කෙසේවෙතත් පෙට්‍රල් මිල අඩු කළද ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට නොහැකි බව ත්‍රීරෝද රථ රියදුරු සංගම් පැවසූවේ
මේ අතර පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දමන බවට නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගයෙන් පසුගියදා රට හමුවේ අනාවරණ කළා.