අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා පෞද්ගලික මල්ශාලවක තැන්පත් කර තිබෙනවා.
ලබන බදාදා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමෙන් අනතුරුව දේහය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවසට රැගෙන යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පැවසුවේ.
දෙමළ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙන්ම විදෙස් රටවල් රැසක ජනාදරයට පාත්‍ර වුණා.
ආර් සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
දෙමළ ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය හා තීරණාත්මක සාධකයක් වු ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයෙකු ලෙසත්, දෙමළ ජනතාවගේ පොදු නායකයෙකු ලෙසත් නිබඳව ම සිය කඳවුරේ මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා X සමාජ මාධ්‍යයේ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහුගේ අභාවය මෙරට දේශපාලන ක්ෂේත්‍රයට දැරිය නොහැකි පාඩුවක් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ එහි දැක්වෙන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආර් සම්පන්දන් මහතාගේ අභාවය වෙනුවෙන් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබෙනවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද ආර් සම්පන්දන් මහතාගේ අභාවය වෙනුවෙන් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඔහු හමුවීම පිළිබඳ මතකයන් සැමවිටම අගය කරන බවයි.
ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම හිතවතුන්ට ද ශෝකය පළ කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම සටහනේ වැඩිදුරටත් දැක්වුනේ.