Monday, April 21, 2025

General line - 0115112241

වහාම ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු 



ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු කිරීම්  සිදු කර තිබෙනවා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි මෙම ස්ථාන මාරුව සිදු කරන බවයි  ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

එම නිවේදනයට අනුව පහත පරිදි ස්ථාන මාරුව සිදු කරනු ලබනවා,

 

01 නි.පො.ප. ජී.අයි.ඩී.ආර්. විජේසිංහ : ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති                 තනතුරේ සිට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස 

02 නි.පො.ප. ජී.ඒ.එන්.එල්. විජේසේන : අනුරාධපුර දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට කළුතර දිසාව             භාර නි.පො.ප. ලෙස

03 ජ්‍යෙ.පො.අ.පී.එම්.ආර්.අඹේපිටිය : නිලධාරී තනතුරේ සිට කොළඹ දකුණ කොට්ඨාස භාර නිලධාරී             ලෙස

04 ජ්‍යෙ.පො.අ.කේ.එස්.කේ. රූපසිංහ  : පුත්තලම කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට කොළඹ උතුර         කොට්ඨාස භාර නිලධාරී ලෙස

05 ජ්‍යෙ.පො.අ. ඒ.ඒ.ආර්.පී. අමරසිංහ :  තෙල්දෙණිය කොට්ඨාස භාර නිලධාරී ලෙස,

06 ජ්‍යෙ.පො.අ. ඩී.ඩී.පී. වීරසිංහ : නිකවැරටිය කොට්ඨාසයේ සිට ප්‍රවාහන කොට්ඨාසය වෙත

07 ජ්‍යෙ.පො.අ. ඩී.එල්.ඒ. සුරියබණ්ඩාර :  හලාවන කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට යාපනය                 කොට්ඨාස භාර නිලධාරී ලෙස.

08 පො.අ. ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර බණ්ඩාර : විභාග කොට්ඨාසයේ සිට විනය හා කල්ක්‍රියා                             කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස.

09 පො.අ. කේ. ඒ. උදය කුමාර : ගම්පොල කොට්ඨාසයේ සිට  ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිට             පුත්තලම් කොට්ඨාස භාර නිලධාරී ලෙස.

10 පො.අ. ඒ.පී.එස්. අමරතුංග : මීගමුව කොට්ඨාසයේ සිට හලාවත කොට්ඨාස භාර නිලධාරි ලෙස

11 රා/ඉ නි.පො.ප. අයි.බී.ටී. සුගතපාල :  කළුතර දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට අනුරාධපුර දිසාව           භාර නි.පො.ප. ලෙස,

12 රා/ඉ නි.පො.ප. එල්.ඒ.යු. සරත් කුමාර : මාතර හම්බන්තොට දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට               ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානය දිසාව භාර නි.පො.ප. තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා.

13 රා/ඉ නි.පො.ප. ඒ.එල්.යු.එන්.පී. ලියනගේ :  මඩකලපුව දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට                         කුරුණෑගල දිසාව භාර නි.පො.ප. තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

 .