Tuesday, April 1, 2025

General line - 0115112241

ඉන්දීය ආධාර මත යාපනයට ජල ටැංකි 934ක්.



යාපනය දිස්ත්‍රික්කය තුළ වැසි ජලය රැස්කිරීමේ ටැංකි 937ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයි විසින්.

යාපනය දිස්ත්‍රික්කය තුළ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 3,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට 2016 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණා.

වසර තුනක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණ ද පැවති මූල්‍ය සහ තාක්ෂණික ගැටළු හේතුවෙන් එම ව්‍යාපෘතිය 2024 වසරේ ජූනි මාසය දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ඉදිරියට පවත්නා අරමුදල්වලින් ජල ටැංකි 934ක් ස්ථාපිත කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.