Sunday, March 2, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්



එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගතහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම පිළිබඳ සිතා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ, පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 


කෙසේවෙතත් එක්සත් ජාතකි පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ තම පක්ෂයේ පමණක් නොව සෙසු පක්ෂ බහුතරයකගේ සහයද වත්මන් ජනාධිපතිවරයාට ලැබෙමින් ඇති බවයි. 


මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහය නොදීමටයි සමගි ජන බලවේගය ඊයේ තීරණය කළේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට පළමුවරට අනාවරණය කළේ නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේදීයි.