ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය සඳහා ද චීන සමාගම් ඉදිරිපත් වී ඇතත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලට බවයි ඔහු පවසන්නේ.
මෙරට වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා තවමත් සිදු කරමින් පවතින බවත් ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ සියයට 25ක ණය කපා හැර ඇත්තේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය සඳහා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.