යුක්තිය මෙහෙයුම යටතේ 2023 වසරේ දෙසැම්බර් 17වනදා සිට මේ දක්වා රුපියල් මිලියන 19,075ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.
වැටලීම් එක් ලක්ෂ 52,672ක් අදාළ කාලය තුළ සිදු කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 5,449ක්.
මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති ජාවාරම්කරුවන් සංඛ්‍යාව 5,979ක් වනවා.
ඒ අනුව ඉන් සියයට 91ක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන අවසන් බවයි පොලීසිය පැවසුවේ.
අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසු තවදුරටත් ජාවාරමේ යෙදෙන්නන් සහ හඳුනාගත් නව ජාවාරම්කරුවන් 1,788 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.
පුනරුත්තාපනය සඳහා යොමු කර ඇති සංඛ්‍යාව 3,765ක්.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ බස්නාහිර පළාත තුළ බවයි.
අදාළ කාලය තුළ අපරාධ සහ මත්ද්‍රව්‍යවලින් උපයාගත් වත්කම් විමර්ශන 837ක් ද මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
නීති විරෝධීව ඉපයූ රුපියල් මිලියන 1,425ක වත්කම් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.