නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් වන පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ දිනවල යළි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, උන්වහන්සේ සංගීත කණ්ඩායමක් සමග ප්‍රසංග වේදිකාවක ගී ගයන වීඩියෝවක් සංසරණය වීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන්ම විමසා සිටියා.
ඒ අනුව බොහෝ පාර්ශව භික්ෂුවකට ගී ගැයීම කැපද යන්න සම්බන්ධයෙන් තර්ක කරමින් සිටින අතර තවත් පිරිස් පවසන්නේ සමස්තයක් ලෙස කලාවට සම්බන්ධ වීම භික්ෂුවකට කෙතරම් යෝග්‍යද යන්න පිළිබඳවයි.
නෙත් නිවුස් ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගංවත්තේ චන්දසිරි හිමියන්ගෙන් විමසා සිටියා.