ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
එය හෙට දිනයේත් ක්‍රියාත්මකයි. එහෙත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය, ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බවයි රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත පැවසුවේ.
ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා ,මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගනිමින් සිටින බවට නැඟෙන චෝදනාව මෙම රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
එමෙන්ම රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර ගෙන යමින් සිටින බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමේ උත්සාහයක් ද ඇති බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.
රේගු නිලධාරීන්ගේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට දිනයේත් ක්‍රියාත්මකයි.