ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විතවයි.
අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් නම් කර ඇති එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරුන් ලෙස විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස් තුරෙයි රාජා නම් කර තිබෙනවා.
එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවීමට නියමිතයි.