බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද ගණනය කිරීම් මේ වන විට සිදු වෙනවා.
මේ වන විට ලබා ඇති ජන්ද ප්‍රතිඵල මත කම්කරු පක්ෂය ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර ගනු ඇති බවට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
පාර්ලිමේන්තුවේ ආසන 650කින් ආසන 410ක් කම්කරු පක්ෂය හිමි කර ගනු ඇති බවටයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.
කොන්සර්වේටිව් පක්ෂයට 131ක ජන්ද ප්‍රමාණයක් හිමි වනු ඇති බවටද ඔවුන් පෙන්වා දෙනවා.
ඒ අනුව වසර 14ක කොන්සර්වේටිව් නායකත්වයෙන් යුත් පාලනය අවසන් විය හැකි බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.
මේ වන විට ප්‍රකාශ වී ඇති එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල මතයි මෙම වාර්තා පළ වන්නේ.
ඒ අනුව කම්කරු පක්ෂය මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් කෙයර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති වීමට නියමිතයි.
ආර්ථිකය, ජීවන වියදම, රාජ්‍ය සේවා, බදු සහ සංක්‍රමණ යන ප්‍රධාන කරුණු කෙරෙහි මෙම මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ තීරණාත්මක කරුණු බවට පත්ව තිබූ බවද විදෙස් මාධ්‍ය පැවසුවා.