Thursday, April 3, 2025

General line - 0115112241

බ්‍රිතාන්‍ය නව ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් හිමි නොවනු ඇතැයි විද්වත් මතයක්



බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් ප්‍රමුඛ නව රජයෙන් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් හිමි නොවනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැවසුවේ ආර්ථිකය ඇතුළු විවිධ ගැටලුවලට මුහුණදී සිටින එරට වැසියන් වෙනුවෙන් විශාල වගකීමක් ඉටු කිරීමට නව රජයට සිදුව ඇති බවයි. 

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පැවති සබඳතා අඩු වැඩි වශයෙන් තවදුරටත් පැවතිය හැකි බවයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.