Thursday, April 3, 2025

General line - 0115112241

ගුරු විදුහල්පතිවරු යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි



යළි අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු විදුහල්පතිවරුන් තීරණය කර තිබෙනවා.

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ලබන 09 වනදා එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කල බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.