දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද අලුයම සිදු කෙරුණා.
ලබන 14වනදා සිට ලබන 19වනදා දක්වා පේළි පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අවසන් රන්දෝලි පෙරහැර ලබන 20වනදා වීථි සංචාරය කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.
මේ අතර දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාහල්කඩ විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් අද සිදු කෙරුණා.
විපක්ෂ නායකවරයාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ එම වාහල්කඩ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 45ක්.
එහිදී අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පුදබිම් සුරැකීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය සඳහා නෙත් එෆ් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.
මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මහා මංගල්‍යය අදින් ආරම්භ වනවා. ඒ අනුව අද සිට දින 16ක් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.
ලබන 21 වනදා අවසන් මහා පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදා මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව මෙවර පෙරහැර මංගල්‍යය නිමාවට පත් වන බවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර පැවසුවේ.
මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට රථවාහන ගාල් කිරීම සඳහා පූජා භූමිය ආශ්‍රිතව රථ ගාල් 23ක් ස්ථාපිත කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද සිට ලබන 21වනදා දක්වා එම රථගාල් ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
එම නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා දහසකට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් රාජකාරී සඳහා යොමු කරන බවද පොලිස් මූලස්ථානය පැවසුවා.
මැණික් ගඟ හා අනෙකුත් ජලාශවල දිය නෑමේදී ප්‍රවේශම් විය යුතුයි.
ගැට කපන්නන්ගෙන් රන් ආභරණ, මුදල් පසුම්බි, ජංගම දුරකතන ඇතුළු වටිනා දේපළ ආරක්ෂා කර ගන්නා ලෙසටද පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.