Monday, March 3, 2025

General line - 0115112241

රටේ අනාගතය ජනතාව සතු බව ජනපති කියයි



රටේ අනාගතය ආරක්ෂා කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මෙරට ජනතාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට තමන් කැපවී කටයුතු කළ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සංවිධාන කළ එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේදී එම දිස්ත්‍රික් සම්මේලනය පැවැත් වුණා.

අවස්ථා කිහිපයකදී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තමන්ට හැකි වූ බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බවයි එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

මේ අතර දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම ද ගාල්ලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව  දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා. 

ටැබ් පරිගණක යන්ත්‍ර බෙදාදීම සඳහා පැවති උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි  නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවයි.

ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.