Monday, March 3, 2025

General line - 0115112241

ඉදිරියටත් රට ගැන සිතා රනිල් වික්‍රමසිංහට සහය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්



අමාරු කාලයේ රට භාරගෙන ඉදිරියට ගෙනගිය ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතාට ඉදිරියටත් රට ගැන සිතා සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

අරගල කාලය තුළ ගොඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය හැර යද්දී පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහය වීමට සියලුදෙනා එකඟ වූ බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.  


පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරිනැමීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළා.