ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධානියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ගාසා නගරයේ පිහිටි පාසලකට හමාස් ගුවන් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතර හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
හමාස් සංවිධානය විසින් ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ පාලන කටයුතු සඳහා ඔහු මීට මාස තුනකට පෙර පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.