Tuesday, March 4, 2025

General line - 0115112241

ලෙඩ වූ ගුරු විදුහල්පතිවරු නිසා සිසුන් නිවෙස්වල



ගුරු විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතු සහ රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු අද දිනයේ ඇණහිට තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලු පාසල් පාහේ අද ආරම්භ වූයේ නැහැ.

ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට සිදුවූයේ ගුරු විදුහල්පතිවරුන් නොමැති වීම හේතුවෙන් යළි නිවෙස් බලා පිටත්ව යාමටයි. 

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් අද දිනයේ මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ.