Saturday, April 26, 2025

General line - 0115112241

අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට සහය දෙන බව ට්‍රම්ප් මෝදිට කියයි



ඉන්දියාවේ කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ලෝක නායකයින් රැසක් හෙලා දැක තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. 

සිය පණිවිඩයෙන් ඔහු ඉන්දියාවට සහයෝගීතාව පළ කළ අතර විපතට පත් වූවන්ට ශෝකය පළ කළේය. 

එමෙන්ම ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ද ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

එමගින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම දරුණු ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ඉන්දියාවට පූර්ණ සහයෝගය පළ කරන බවයි.

එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ මෙම අසීරු අවස්ථාවේදී ඉන්දියාව සමග එක්ව සිටින බවයි.

මීට අමතරව ඔස්ට්‍රේලියාව, ජපානය, ඊශ්‍රායලය, ඉරානය ඇතුළු රටවල් රැසක නායකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සමග එක්ව සිටින බවද පවසා ඇත.