Tuesday, March 4, 2025

General line - 0115112241

දොළහට පෙර වැඩට නොඑන දුම්රිය වර්ජකයින්ට අවසන් නිවේදනය දෙයි



දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කිරීමට නියමිත වැඩවර්ජනය නීතිවිරෝධී බව ප්‍රවාහන අමාත්‍යාංශය මේ වන විටත් දැනුම් දී අවසන්.

එබැවින් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දුන්නා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ පැවසුවේ අද දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බවයි. 

එසේ නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පැලකවරුන් සේවය හැර ගියා සේ සලකන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ පැවසුවා. 

කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර පැවසුවේ මෙවැනි තීරණ හරහා තමන් අඛණ්ඩ වර්ජනයක් වෙත තල්ලු කරන බවයි.


මේ අතර වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් යෙදවීමටයි මේ වන විට පියවර ගෙන තිබෙනවා.