මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඔහු පැවසුවේ වර්ජකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීමට නම් සියයට 18 වැට් බද්ද සියයට 21ට වැඩි කළ යුතු බවයි.
එසේ වුවහොත් බංකොලොත් වූ රට යළි භයානක තත්ත්වයකට ගමන් කිරීම වැළැක්විය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.