දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංගම සහ පෞද්ගලික බස් රථ ඉදිරිපත්ව සිටිනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මගී අවශ්‍යතාව අනුව අතිරේක ගමන් වාර සංඛ්‍යාවක් යොදවා හෝ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයන බවයි.
දුම්රිය වර්ජනයෙන් පෞද්ගලික බස් කර්මාන්තයට සැලකිය යුතු වාසියක් නොමැති වුවද මහජනතාව පිළිබඳ සලකා උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනය කරවීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවයි.
එසේ ප්‍රකාශ කර තිබුණද ඇතැම් මගීන්ට එම ඊයේ දිනයේ පහසුකම පවා හිමිව තිබුණේ නැහැ. ඒ, ඇතැම් ලංගම බස්රථවලින් ඊට අවස්ථාව ලබා නොදීම හේතුවෙන්.
එහෙත් ඊයේ දිනයේ පැවති ගැටලු මේ වන විට නිරාකරණය කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.
ඒ අනුව මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් අද දිනයේද ලංගම බස් රථවලින් සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනු ඇති.
අවශ්‍යතාව පරිදි වැඩිපුර ලංගම බස්රථ ධාවනය කිරීමටද ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. ඒ, උඩරට මාර්ගයේ දුම්රිය ස්ථාන සඳහායි.
මීරිගම, වේයන්ගොඩ, අඹේපුස්ස, ගණේමුල්ල, ගම්පහ සහ රාගම යන දුම්රිය ස්ථාන ඒ අතරින් ප්‍රධාන වනවා.
දුම්රිය මාර්ගයේ හැර කොළඹට පැමිණීමේදී සෘජු මාර්ග නොමැති ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති දුම්රිය ස්ථාන කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.