Tuesday, March 4, 2025

General line - 0115112241

නුවරඑළියේදී සංචාරකයින් රැගත් බස්රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 40ක් දක්වා ඉහළට

රංජිත් රාජපක්ෂ



නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් නුවරඑළිය ලබුකැලේ ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට පත් වීමෙන් තුවාල ලැබූ පිරිස 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නුවරඑළිය පොලීසිය සඳහන් කළේ නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරයකට යමින් සිටි, එම ප්‍රදේශයේ සංචාරක හෝටලයක, සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත වීම හේතුවෙන් බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහළ මාර්ගයේ සිට පහළ මාර්ගයට පෙරළීි මෙම අනතුර සිදු වී තිබෙනවා.

තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ අස්ථි බිදි ඇති බවද රෝහලේ සේවකයෙකු පැවසුවා.