Tuesday, March 4, 2025

General line - 0115112241

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට චෝදනා පත්‍ර කියවාදීම අගෝස්තු මස පළමුවනදා

උදය කුමාර



ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව චෝදනා කියවා දීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය කියවාදීම සඳහා අගෝස්තු මස 01 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.